dhuruvangal pathinaaru 2016 [tamil]
Initial release: December 29, 2016 (India)
Thriller/Crime ‧ 1h 45m
5
4
3
2
1
4.6
140 ratings
Rate and review
Ratsasan එන්න කලින් ආපු ඒවලින් මං බලපු හොඳම Tamil Thriller එක තමා මේක. වචන නෑ පට්ටම ෆිල්ම් එකක්. ආයෙ ආයෙ බලන්න හිතෙන එකක්. මම මීට කලින් බලල තිබ්බට ආයෙ බැලුවෙ ඒ ආසාව හින්දමයි ❤️❤️❤️
මේ කතාව පටන්ගන්නෙ එක මිනීමැරුම් සිද්දියකින්. මිනීමරුවව පෙන්නන් නෑ. මොකද ඒ කවුද කියලා කිසි කෙනෙක් දන් නෑ මුලදි. ඒත් ඒක මිනිමැරුමක්ම කියල කියන්න බෑ තමන්ටම වෙඩි තියාගෙන මැරිල වගේ තමා පේන්නෙ. එදාම ඒ පැත්තෙ මහල් නිවාසෙක හිටපු "වෛශ්නවී" කියලා ගෑනු ලමයෙකුත් අතුරුදහන් වෙනවා 🤔🤔🤔
කොහොමහරි කේස් එක බලන්නෙ පොලිස් නිලධාරියා "දීපක්". මෙයාගෙ බිරිඳ නැතිවෙලා. මෙයා ඒ හැමදේම දරාගෙන ජොබ් එක කරන් යනවා. මෙයා එයාගෙ සහයට "ගෞතම්" කියලා අලුත් කෙනෙක්ව එකතු කරගන්නවා මේ කේස් එකෙදි. ගෞතම් දක්ශයෙක් කියලා එයාට තේරෙනවා. මෙයාලා හැමදේම ගොඩක් උනන්දුවෙන් හොයන් යනවා. හැබැයි එදා රෑ මිනිමැරුම් 2ක් වෙලා තියෙනවා කියාලා එයාල දැනගන්නවා. ඒත් දෙවෙනි මිනිය අතුරුදහන්. හැමදේම දැනගන්න නම් මිනීමරුවව අල්ල ගන්නම වෙනවා 😱😱😱
කොහොමහරි එක තැනකදි මේ දේවල් කරපු අපරාධකාරයා පස්සෙන් පන්නන් යන දීපක් සහ ගෞතම් අනතුරකට මූන දෙනවා. ඒකෙන් පස්සෙ දීපක්ගෙ කකුලක් කැඩෙනවා. ගෞතම් ගැන ආරංචියක් නෑ. මේ කේස් එක යට යනවා එහෙම්මම...
ඇත්තම කිව්වොත් මේ කතාව කියන්නෙ දීපක්. ඉතිං එයා දකින විදියට තමා මේ දේවල් බලන්න වෙන්නෙ. මේ කතාව එයා කියන්නෙ පොලිසියට බැඳෙන්න ආසාවෙන් ඉන්න සහ මේ කේස් එක ආයෙ උඩට ගන්න උනන්දුවෙන් ඉන්න එයාගෙ යාලුවෙක්ගෙ පුතෙක්ට
අන්තිමට බැලුවම වෙලා තියෙන්නෙ අපි හිතන්නෙවත් නැති දෙයක්. මං දකින විදියට මේ මිනීමරුවා සාධාරනයි. අන්තිමට තේරෙයි මං කියන දේ ඇත්තද බොරුද කියලා. මේ මිනිමරුවා ඇත්තටම කවුද කියලා දැනගන්න වෙන්නෙ අන්තිම විනාඩි 5දි වගේ. ෆිල්ම් එක පට්ටම Twist එකක් වෙන්නෙ එතනදි 🤗
කවුද මේ මිනීමරුවා ?
ඇයි එයා එහෙම කරන්නෙ ?
මේ මැරුන අය කවුද ?
මිනීමරුවා අල්ලන්න ඊට පස්සෙ දීපක් උනන්දු වෙන්නෙ නැත්තෙ ඇයි ?
ගෞතම්ට මොකද වෙන්නෙ ඒකෙන් පස්සෙ ?
මේ හැමදේම ප්‍රශ්නයක් වෙලාම තියෙයි අන්තිම වෙනකන්ම
movie download link
http://raboninco.com/WgyF