MENU

THE CALL 2013




  
Initial releaseMarch 14, 2013 (Russia)
Box office68.6 million USD
Budget13 million USD
 Thriller/Crime ‧ 1h 36m

Audience rating summary

5
4
3
2
1
4.3










63 ratings
Rate and review
Jordan Turner කියන්නෙ 911 පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකතන ක්‍රියාකාරිනියක්. දවසක් එයාට කෝල් එකක් එනවා Leah කියලා තරුණියකගෙන්. එයාගෙ ගෙදරට කෙනෙක් ඇතුල් වෙන්න යනවා කියලා. Jordan එයාට උපදෙස් දෙනවා ඒ වෙලාවෙ මොනාද කරන්න ඕනෙ කියලා. එත් කෝල් එක කට් වෙන හින්දා ආයෙ Jordan එයාට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවෙ Leahව හොයල එයා නැති හින්දා ගෙදරින් එලියට යන්න ගිය අර මනුස්සයට ඇහෙනවා ෆෝන් එක රින් වෙන සද්දෙ. ඒ හේතුව හින්ද Leahව ලේසියෙන්ම අහුවෙනවා. ඒ කෙනා Leah ව පැහැරගන්නවා. දවස් කීපයකින් පොලිසියට Leahගෙ මලසිරුර හම්බෙනවා 😭😭😭
Jordan ඒ කෝල් එක ගත්තෙ නැත්තං Leahට බේරෙන්න අවස්තාවක් තිබ්බා. මේ සිද්දිය හින්දා කොච්චර දක්ශ, අත්දැකීම් තියෙන කෙනෙක් උනත් Jordan මානසිකව වැටෙනවා. එයා ජොබ් එක මාරු කරලා අලුතෙන් එන අයව ඒකට පුහුනු කරන වැඩේ කරනවා. මෙයාගෙ ආදරවන්තයා වෙන්නෙ පොලිස් නිලදාරියෙක් වන Paul. එයත් Jordan එක්කම ඉඳන් එයාට සහය වෙනවා ❤️
මුල් සිද්දිය වෙලා මාස 6කින් ආයෙ ඒ වගේම කෝල් එකක් එනවා. මේ පාර කතා කරන්නෙ  Casey Welson කියල තරුණියක්. එයාවත් කෙනෙක් පැහැරගෙන යන ගමන් තමා එයා මේ කෝල් එක අරන් තියෙන්නෙ. මේ වෙලාවෙ අලුත් අය පුහුණු කරන වැඩක ඉන්න Jordan මේක දකිනවා. එයා ඒ වෙලාවෙ එතන ඉන්න කෙනාව අයින් කරලා ඒ වෙනුවට එයා ඒ කෝල් එකට සම්බන්ද වෙනවා. කලින් උනා වගේ නැතුව මේ පාර එයාට ඕනෙ සාර්ථකව මේකට මුහුන දීල මෙයාව බේරගන්න 💔😧
Jordan කියන විදියටම Casey හැමදේම කරත් අවාසනාවකට එයාව බේරගන්න එන තව පුද්ගලයො දෙන්නෙක්වම මේ පැහැරගන්න පුද්ගලයා මරලා දානවා. Casey කොච්චර බය උනත් එයා කෝල් එකේ දිගටම ඉන්නවා. හැබැයි ඒ පුද්ගලයා Caseyගෙ ෆෝන් කුඩු කරලා දානකං විතරයි 😱
කෝල් එකෙ කට් උනාට පස්සෙ Jordan ට පුලුවන් වෙයිද පොලිසියත් එක්ක එකතු වෙලා Caseyව බේරගන්න ?
මේ දේවල් කරන පුද්ගලයා කවුද ?
ඇයි එහෙම ගෑනු ලමයි පැහැරගන්නෙ ?
පැටලිලි නැති අවසානයක් තියෙන මේ ෆිල්ම් එක අනිවාරෙන් බලන්නම ඕන එකක් ❤️❤️



                                                        movie download link
                                                   http://raboninco.com/WgHG

                                           search in sub [https://www.baiscopelk.com/the-call-2013-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92/]



    Copyright. All rights reserved. Designed By TemplateSilk