Satan's Slave 2017 ‧ Horror/Drama ‧ 1h 47m


89%Rotten Tomatoes6.6/10IMDb
Initial releaseSeptember 28, 2017 (Indonesia)
LanguageIndonesian

   මේ සිද්දිය වෙන්නෙ 1981 අවුරුද්දෙ. 'Rini' කියන තරුණිය ජීවත් වෙන්නෙ 'Jakarta' නගරයට කිට්ටු එක ගමක. Rini තමා පවුලෙ වැඩිමල්ම ලමයා. එයා ජීවත් වෙන්නෙ එයාගෙ ආච්චි Rahma, අම්මා Mawarni, තාත්තා Bahri සහ එයාගෙ බාල සහෝදරයින් 3 දෙනා වන Tony, Bondi සහ උපතින්ම ගොලු Ian එක්ක. 🤗
Rini ගෙ අම්මා කලින් ගොඩක් දක්ශ, වගේම ජනප්රිය ගායිකාවක්. ඒත් අවුරුදු 3ක් තිස්සෙ එයා ලෙඩ වෙලා ඇඳේමයි ඉන්නෙ. එයාට දැන් බිම හිටගන්නවත් බෑ. එයාට කාටහරි කතා කරන්න ඕන උනාම එයාට දීලා තියෙන සීනුව නාද කරනවා. එයාලගෙ ආච්ච්ත් ඉන්නෙ රෝදපුටුවෙ. මේ අතර එයාලට ලොකුවටම ආර්ථික ප්රශ්න එනවා අම්මගෙ ලෙඩේ හොඳ කරගන්න ගොඩක් සල්ලි වියදම් වෙන හින්දා. තාත්තා ඉතුරු කරපු සල්ලිත් ඉවර වෙනවා. Tony ස්කෝලෙ යන බයික් එකත් විකුණන්න වෙනවා. මේ මොනා කරත් අම්මව බේරගන්න නම් බැරිවෙනවා. Rini ලඟ ඉද්දිමයි අම්මා එයාගෙ කාමරේදි මැරෙන්නෙ 😐
අම්මගෙ මරණෙන් පස්සෙ තාත්තා මෙයාලාව ආච්චි එක්ක ගෙදර තියලා Town එකට යනවා සල්ලි ටිකක් හම්බ කරන් එන්න. Rini තමා මෙයාලව බලාගන්නෙ. මේ අතර අම්මගෙ අවමගුල් දවසෙ එයාලට 'Ustad' කියලා එක පූජකයෙක් උදවු කරනවා. එයාගෙ එකම පුතා 'Hendra', Rini ට ලං වෙනවා. ඉතින් තාත්තා ගියාට පස්සෙ මෙයාලට නොයෙක් භයංකාර අත්දැකීම් වලට මූණ දෙන්න වෙනවා. Hendra දවසක් Rini ගෙ අම්මගෙ අවමගුල් දවසෙයි, එයාලගෙ ගෙදර උඩ තට්ටුවෙයි අමුතු ගැහැණු කෙනෙක් ඉන්නවා දැක්කා කියලා Rini එක්ක කියනවා. ඒක භූතාත්මයක් වෙන්න පුලුවන් කියලත් එයා කියනවා. ඔහොම ඉද්දි දවසක් එයාලගෙ ආච්චි එක ලියුමක් ලියනවා. ලියුම ලිව්වට පස්සෙ එයාව කවුරුහරි එයාලගෙ ලිඳට තල්ලු කරනවා. ආච්චිත් මැරෙනවා 😐
පස්සෙ Rini, Hendra එක්ක ආච්චි ලියපු ලියුම ඒක නම තියෙන කෙනාට ගිහින් දෙනවා. එයා ඉන්නෙ Town එකේ. ඒ 'Budiman' කියලා ආච්චි එක්ක පොඩිකාලෙ ඉඳන් හිතවත් කෙනෙක්. එයා මෙයාලගෙ පවුල ගැන Rini දන්නෙ නැති විස්තර වගයක් කියනවා. එයාලගෙ අම්මාට ආච්චි කැමති වෙලා නෑ එකටම මොකද එයා කලාකාරිනියක් හින්දා. මොකද මෙයාලට තියෙන්නෙ මුස්ලිම් පවුල් පසුබිමක්. ඒ වගේම අම්මට බැඳලා අවු. 10 ක් යනකන්වත් ලමයි හම්බෙලා නෑ. Budiman මේ ගැන වැඩි විස්තර කියන්න පොතක් දෙනවා Rini ට අරන් යන්න. ඒකෙ විදියට එයාලගෙ අම්මා දෙවියන්ගෙන් ලමයි ඉල්ලලා ලැබුන් නැති හින්දා යක්ශයා ගෙන් ලමයි ඉල්ලලා කියලා එයාලට නිකමට වගේ හිතෙනවා 🤨
මේ දේවල් මෙතනින් නතර වෙන් නෑ.. එයාලා එක්කම යක්ශයෙක් ඉඳලා තියෙනවා බලන් යද්දි. බලන්න අන්තිම වෙනකන්.. 😵
කවුද මේ ගෙදර සැරිසරන ආත්මය ?
මේවට හේතු උනේ මොකක්ද ?
මෙයාලා එක්ක ඉන්න යක්ශයා කවුද ?
#Indonesian ෆිල්ම් එකක් උනාට හොඳට බය හිතෙන ෆිල්ම් එකක්. Horror වලට ආස අයට බලන්න වටිනවා. සම්මාන 7 ක් දිනාගත් මෙය තවත් සම්මාන 10 කටත් යෝජනා උන, අඩු වියදමකින් වැඩි ආදායමක් සෙවූ චිත්රපටයක්. පුලුවන් අය අරන් බලන්න ❤️❤️❤️  


                               movie download link
                            http://raboninco.com/Yfxs

                                                                  sub
                            http://raboninco.com/Yg39