MENU

Gypsy 2020 ‧[ Drama/Romance ‧ 2h 36m]



    6.7/10 · IMDb
Audience rating summary
5
4
3
2
1
4.3
 
 
 
 
564 ratings


මුලින්ම කියන්න ඕනෙ මේක Action, Thriller එකක් නෙමේ. මේක ලස්සන ආදර කතාවක්. කාශ්මීරයෙදි වෙඩි තැබීමකින් "ජිප්සි"ගෙ අම්මයි තාත්තයි මියයනවා. එතන ඉඳන් අනාථ වුන ජිප්සිව බලාගන්නෙ "සීනියර්" කියන එයාලගෙ පවුලට හිතවත් කෙනෙක්. මෙයාල සංචාරක ජන කොටසක්. අම්මයි තාත්තයි ආගම් දෙකක්. මෙයාලට එහෙම එක ජාතියක් ආගමක් කියලා නෑ. හැඳුනුම්පතක් වත් නෑ. මොකද මෙයාලා එක තැනක ඉන්නෙ නෑ. ඉන්දියාව පුරා සංචාරය කරනවා. ඉතිං සීනියර් මෙයාව උස්මහත් කරාට පස්සෙ එයා වයසට ගිහිං මැරෙනවා. එතන ඉඳන් සීනියර් එයාට ගෙනත් දීපු අශ්වයා (චේ) එක්ක ජිප්සි තනිවෙනවා. චේව මෙයා යන යන තැන ගෙනියනවා 🐎❤️
මෙහෙම සංචාරය කරලා චේ ද.ඉන්දියාවෙ කේරල වලට එනවා. එයා එහෙ ඉන්න අඳුරන යාචකයො කට්ටියක් එක්ක ප්‍රසංග කරල තමා ජීවත් වෙන්න සල්ලි හොයාගන්නෙ. ජිප්සි දක්ශ ගායකයෙක්. මේ හින්දයි එයාගෙ චේයි හින්දා එයා ඉක්මනට ජනප්‍රිය වෙනවා. මෙයාලා පාර අයිනෙ තමා ජීවත් වෙන්නෙ. ඔහොම ඉද්දි දවසක් මෙයා දකිනවා පාරෙ යන ලස්සන මුස්ලිම් ගෑනු ලමයෙක්ව. එයත් ජිප්සි දිහා ඕනකමින් වගේ බලනවා. ඒ තමා "වහිදා". වහිදා කඩ හිමියෙක්ගෙ ලොකුම ලමයා. මේ දෙන්නා දවසින් දවස ආදරෙන් බැඳෙනවා 🤗
වහිදාට ගෙදරින් කසාදයක් කතා කරනවා. ඒකට කලින් දවසෙ රෑ ජිප්සි එනවා එයාලගෙ ගෙදර චේව ගැටගහලා යන්න. මොකද වහිදාගෙ තාත්තා කසාද චාරිත්‍රයකට අශ්වයව ඉල්ලපු හින්දා. මෙයාලව දකින වහිදා එලියට ඇවිත් එයාව ටිකක් අශ්වයගෙ පිටේ අරන් යන්න කියනවා. ටිකක් කිව්වට මේ දෙන්නා ගිහින් නවතින්නෙ කසාඳ බැඳලා 💏
මෙයාල සතුටින් සංචාරය කරමින් ජීවත්වෙන අතරෙ වහිදා ගැබ්ගන්නවා. මේ හින්දා දෙන්නා තීරනයකට ඇවිත් එයාලට ඉන්න ගෙයක් ගන්නවා. එයාලා නතරවෙන්නෙ මුස්ලිම් අය ඉන්න ගමක. දවසක් මෙහෙ ලොකු කැරැල්ලක් වෙනවා. හින්දු අය මුස්ලිම් ගමේ ඔක්කොම අයව හොය හොය මරනවා. වහිදාව ත්‍රීවිල් එකක දාල පිටත්කරන ජිප්සි චෙව හොයන්න යනවා. එයාගෙ ඇස් ඉස්සරහම පොඩි කාලෙ ඉඳන් ලඟ හිටිය චේව කැරලිකාරයො ගිනි තියලා පුච්චනවා. මේක එයාට දරාගන්න බැරිවෙනවා. කොහොමහරි මෙයා වගේම එතන ඉන්න අහිංසක ගොඩ දෙනෙක්ට නතර වෙන්න වෙන්නෙ හිරකූඩුවෙ 💔
අවුරුද්දකට පස්සෙ ජිප්සි නිදහස් වෙලා එද්දි වහුදා එහෙ නෑ. එයා තාත්තලගෙ ගෙදර ගිහිං. කැරැල්ලෙදි උන දේවල් හින්දා වහුදා ගොඩක් බයවෙනවා. ගෙදර අය එක්කවත් කතා කරන් නෑ. ජිප්සි එයාව හොයන් ආවත් එයා එක්ක කතා කරන්නෙත් නෑ. ඒ වෙද්දි එයාලට චූටි බබෙකුත් ඉන්නවා. එතන ඉඳන් වෙන දේවල් මම කියන් නෑ 👶
මේක නිකංම ෆිල්ම් එකක් බලන විදියට වඩා විවෘත මනසකින් බලන්න ඕන එකක්. ඉන්දියාවෙ විතරක් නෙමේ ඕනම සමාජයක තියෙන ජාති ආගම් භේද ගැන පැහැදිලි පණිවිඩයක් දෙනවා මේකෙන්. ඒ වගේම ආදරය කරන්න ඒවා බලපාන්නෙ නෑ කියලත් පෙන්නනවා. තවද දේශපාලනය හින්දා මිනිස්සු අතර බෙදීම් ඇති කරලා ආගම් ජාති ගැටුම් ඇති කරන්නෙ දේශපාලකයො බවත් අන්තිමට ඒවලින් පීඩා විඳින්නෙ අහිංසක ජනතාව බවත් පෙන්නනවා. මේක පුලුවන් හැමෝම බලන්න. ජීවා Underrated නලුවෙක් උනත් මං ඉස්සර ඉඳන් කැමති නලුවෙක්. අනිවාරෙන්ම හිතට දැනෙයි මේ ෆිල්ම් එක ❤️❤️❤


                                                      movie download link
                                                  http://raboninco.com/XJOA

                                                                 sub
                                         https://piratelk.com/download/15642/

    Copyright. All rights reserved. Designed By TemplateSilk