THE BODY 2012
Director:
Oriol Pauloimdb/7.6/10
Mystery, Thriller
එක රාත්‍රියක මෝචරියක රාත්‍රි මුරයට ඉන්න එක ආරක්ශක නිලධාරියෙක් මොනාහරි දේකට බයවෙලා එතනින් පැනලා දුවනවා. පේන විදියට එයා මොනාහරි දෙයක් දැකලා වගේ. එයා කැලයක් අස්සෙන් ගිහින් පාරකින් මතුවෙද්දි පාරෙ එන වාහනේකට හැප්පෙනවා. එයාව කෝමා වෙනවා ඒ අනතුරෙන් පස්සෙ. මේ ගැන පොලිසිය පරීක්ශන කරන් යද්දි එයාලට ආරංචි වෙනවා එදා රෑම මෝචරියෙ තිබ්බ කාන්තා මලසිරුරක් අතුරුදහන් වෙලා කියලා 😱😱😱
අතුරුදහන් උන සිරුර Mayka කියලා ගෑනු කෙනෙක්ගෙ. එයා මැරිලා තියෙන්නෙ Heart Attack එකකින්.එයාගෙ සැමියා Alex. Alexට වඩා වැඩිමල් උනාට Mayka ඉතා ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. Alexගෙ වාසනාවකට වගේ තමා එයාව හම්බෙලා තියෙන්නෙ. ඒත් Alex වැරදි මාර්ගයකට වැටෙනවා. එයා Carla කියන තරුණිය එක්ක සම්බන්දයක් පටන් ගන්නවා. මේක Mayka දන්නෙ නෑ. Mayka මිය ගිහින් තියෙන්නෙත් මිනිය අතුරුදහන් උන දවසෙ හවසමයි. එදා රෑ Alex, Carla හම්බෙන්න යනවා. මේ දෙන්නා එකතුවෙලා තමා Maykaව මරන්න සැලසුම් කරල තියෙන්නෙ දේපල Alexට ගන්න හින්දා 😳😳
Alex, Carla ඉන්න තැන ඉද්දි එයාට මෝචරියට එන්න කියලා කෝල් එකක් එනවා. එයා ඒ වෙලාවෙ තමා දැනගන්නෙ බිරිඳගෙ මිනිය අතුරුදහන් වෙලා කියලා. බිරිඳ මැරිලත් ඒ තරම් ශෝකයක් පේන් නැති හින්දා Alexව සැක කරන්න ගන්නවා පොලිසියෙ අය. මෙයාව රඳවගෙන දිගටම ප්‍රශ්න කරනවා. Jaime කියන මේ කේස් එක බලන නිලදාරියාට තේරෙනවා මෙයා මොනාහරි හංගන බවක්. එයා දිගටම ප්‍රශ්න කරනවා.මෙයා බැරිම තැන Jaimeට හැම ඇත්තක්ම කියනවා. හැබැයි මිනිය අතුරුදන් වෙන එකත් එක්ක Alexගෙ සම්බන්දයක් නැති බවක් එයාට පේනවා 🤔🤔🤔
එදා රෑ ආරක්ශක නිලදාරියා බයවෙලා එලියට දිව්වෙ මොකක් දැකලද ?
Mayka ඇත්තටම මැරිලා නැද්ද ? මැරිලනං මිනිය හොරකම් කරේ කවුද ?
Alexට පුලුවන් වෙයිද මෙතනින් බේරිලා ගිහිං Carla එක්ක වෙනම ජීවිතයක් පටන් ගන්න ?
මේවටනං උත්තර හම්බෙයි. මොකද මේක පැහැදිලි අවසානයක් තියෙන ෆිල්ම් එකක්. හැබැයි අන්තිම විනාඩි 10දි පට්ටම Twist එකක් සෙට් වෙනවා 🧐 මේ උන හැමදේම වෙලා තියෙන්නෙ කාගෙහරි සැලසුමකට. අවුරුදු ගානක සිද්දියක් එක්ක මේ දේවල් සම්බන්දයි. මේක පලීගැනීමක් කිව්වොත් හරියටම හරි. හැබැයි සාදාරන පලිගැනීමක්. කවුද, කාගෙන්ද, ඇයි පලිගන්නෙ කියලා හිතාගන්න බෑ අන්තිම වෙනකං. හැමෝම බලන්න ඕන එකක් මේක. මේක Spanish ෆිල්ම් එකක් ❤️❤️❤️
movie download link
http://raboninco.com/WgX0
go to sub download [www.baiscopelk.com]
