The Autopsy of Jane Doe 2016 ‧ Horror/Thriller ‧ 1h 39m
Initial release: March 23, 2017 (Russia)
Box office: 6 million USD
පටන් ගද්දිම එක ගෙදර ගෑනු කෙනෙක්වයි පිරිමි අය දෙන්නෙක්වයි මරලා. පොලිසියට හොයාගන්න බෑ කවුද මැරුවෙ කියලා. පිටින් කවුරුත් ඇවිල්ලත් නෑ වගේ. ඒ මදිවට තවත් මිනියක් ගේ අස්සෙ. ඒක හම්බෙන්නෙ යටම තට්ටුවෙන්. ඒක ලස්සන තරුණියකගෙ. ඒක තියෙන්නෙ යටම තට්ටුවෙ බිම හාරලා වලක් අස්සෙ. මෙයාලට හම්බෙද්දි පපුව හරියෙන් උඩ විතරක් එලියට පේන්න තියෙනවා අනිත් කොටස පස් වලින් වැහිලා. මෙතන ඉන්න පරීක්ෂක Burke, මේ තරුණියගෙ නමක් ගමක් දන් නැති හින්දා එයාව "Jane Doe" විදියට නම් කරනවා 
සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ වලදී නම් වශයෙන් හඳුනා නොගත් මල සිරුරු වලට විශේෂ නම් භාවිතා කරනවා. වැඩිහිටි පිරිමි සිරුරක් "John Doe" එහෙම නැත්තන් "John Roe" ලෙසත්, වැඩිහිටි කාන්තා සිරුරක් "Jane Doe" නැත්තන් "Jane Roe" ලෙසත්, පිරිමි ලමා සහ ගැහැණු ලමා සිරුරක් පිලිවෙලින් "Johnny Doe" සහ "Janie Doe" ලෙසත් නැත්තන් පොදුවේ "Doe" ලෙසත් හඳුන්වනවා 
ආයෙ කතාවට යමු.. ඉතින් අර කලින් කියපු තුන්දෙනාගෙ මරණ පරීක්ෂණ කරන්න බාර වෙන්නෙ Tommy Tilden සහ Austin Tilden කියන පියපුතු යුවලට. මෙයාලා මේ වැඩේ සෑහෙන කල් ඉඳන් කරන්නෙ. Tommy ගෙ බිරිඳ මීට කලින් නැතිවෙලා. දැන් මෙයා පුතත් එක්ක මේ වැඩේ කරන් යනවා. මේ දෙන්නගෙ ලැබ් එක තියෙන්නෙ ගෙදරට යටින්. ලිෆ්ට් එකකින් තමා පහලට යන්නෙ. ඉතින් මෙයාලගෙ අර සිරුරු තුනේ වැඩේ ඉවර වෙද්දිම අමුත්තෙක් එනවා ලැබ් එකට. ඒ තමා Austin ගෙ පෙම්වතිය 'Emma'. මේ ඇවිත් තියෙන්නෙ Austin ව ෆිල්ම් එකක් බලන්න එක්කන් යන්න. ඉතින් මෙයාලා යන්න යද්දිම තව කෙනෙක් එනවා. ඒ තමා පොලිස් පරීක්ෂක Burke. එයා අරන් ඇවිත් තියෙනවා Jane Doe ව. එයාට ඕන වෙනවා එදාම Jane ගෙ පරීක්ෂනෙත් කරන්න මොකද මාධ්‍යයට උත්තර බඳින්න තියෙන හින්දා. මේ හින්දා Austin පෙම්වතියව ගෙදර යවලා ආයෙ රෑ 11ට එන්න කියනවා එයාව ගන්න. මොකද මෙයා ගියාම තාත්තට තනියම වැඩේ කරන්න වෙන හින්දා. Tilden ලා දෙන්න වැඩේ පටන් ගන්නවා ඔහොම 
මේක මල සිරුරක් උනාට කිසිම හානියක් උන පාටක් පේන් නෑ. පිටින් සීරිමක්වත් වෙලා නෑ. තව බලද්දි එයාලා හොයාගන්නවා මෙයාගෙ කකුල් වලයි වැලමිටෙයි සන්ධි කැඩිලා කියලා. හැබැයි එලියට පේන් නෑ කිසිම දෙයක්. තව එයාගෙ දිව බාගයක් කපලා. ඒ වගේම ඇස් අළු පාටයි. එයාගෙ ලිංගික ප්‍රදේශය ඇතුලෙ කැපීම් කීපයකුත් දකිනවා. තව එයාගෙ කටේ එක දතක් ගැලවිලා. මේක හරි අමුතුයි. තව එයාලට මෙයාගෙ අත්-කකුල්වල නියපොතු වලයි, කොන්ඩෙයි තිබිලා උතුරු ප්‍රදේශවල විතරක් තියෙන පස් වර්ගයක් හම්බෙනවා 
ඒත් මරණෙට හේතුවක් හම්බෙන් නැති හින්දා මෙයාලා සිරුර කපලා බලනවා. කපද්දි එයාල දකිනවා එයාගෙ පෙනහලු කලු පැහැ වෙලා. ඒ වගේම හදවතේ සහ අනිත් අවයව වල කැපුම් පාරවල් දකින්නට තියෙනවා. ගැලවුන දතයි තව මලකුයිත් බඩ අස්සෙ තිබිලා හම්බෙනවා. මේ වගේ දෙයක් එයාලා මීට කලින් දැකලා නෑ. මෙහෙම වැඩේ කරන් යද්දි එකපාර ලයිට් නිවෙනවා. පස්සෙ දෙන්නා විපරමක් දාන්න ගියාම අමුතුම දෙයක් වෙනවා. මේ දෙන්නා එක කාමරේක ඉද්දි සීනු සද්දයක් ඇහෙනවා. Austin දොර යටින් එබිලා බලනවා. බලද්දි එයා දකින්නෙ එයාලගෙ ලැබ් එකේ මල සිරුරක කකුලක්. එයා මැරෙන්න කලින් එක කකුලකට සීනුවක් බැඳලා තිබිලා තියෙන්නෙ එයා කෝමා වෙලා ඉඳපු හින්දා. මෙයාල තේරුම් ගන්නවා මේක හරියන් නෑ ඉක්මනට එලියට පැනගන්න ඕනෙ කියලා. මොකද මලමිනි ඇවිදිද්දි කවුද එතන්ට වෙලා ඉන්නෙ 
මෙයාලා ආයෙ ලැබ් එකට යනවා. බලද්දි මිනි තිබ්බ ලාච්චු ඔක්කොම ඇරිලා ඒව හිස්වෙලා. හැබැයි අර මිනිය එහෙම්මමයි. ඒක එයාලා කපපු විදියටම තියෙනවා. හැබැයි මෙයාලා දැනගන්නවා මේක හින්දයි මේ අමුතු දේවල් වෙන්නෙ කියලා. ඒ අස්සෙ ගෙදර ගිය Emma, Austin ව එක්කන් යන්න ඇවිත්.. එතන ඉඳන් වෙන දේවල් මං කියන් නෑ 
මේ මල සිරුර කාගෙද ?
ඇයි මේක අමුතු අනිත් ඒවට වඩා ?
Tilden ලා දෙන්නට මේකෙන් බේරිලා එලියට යාගන්න පුලුවන් වෙයිද ?
Emma ආවට පස්සෙ එයාට මොනා වෙයිද ?
මේ සිරුර විනාශ කරන්න පුලුවන්ද ?
නැත්තන් මේක ජීවිත බිලිගනීද ?
බලලම උත්තර හොයාගන්න.. 
සම්මාන 7 ක් දිනාගන්නට සමත් උනු, තවත් සම්මාන 10 කටත් යෝජනා උනු චිත්‍රපටයක්. නෝර්වීජියානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වන "André Øvredal" ගෙ පලමු ඉංග්‍රීසි භාෂා චිත්‍රපටයත් මේක. හැමෝම බලලා නැතුව ඇති කියලා හිතනවා. බලපු නැති අය අනිවාරෙන් බලන්න මේක.
movie download link
sub
